Saturday, November 5, 2011

සුනාමියෙන් සේදී ගිය රාවණ රාජධාණිය - රාජාවලිය II



රාජාවලිය I  ලිපියෙදි අපි කතා කරේ ප්‍රාග් ඓතිහාසික යුගය ගැන නේ. ඒ යුගයේ රජ කම් කරපු රාවණා රජු ගැනත් ඒ ලිපියෙදි කතා කරා. මේ ලිපියෙන් විජයාගමනය ට එන්න හිතා ගෙන හිටියත් හේතු කීපයක්ම නිසා මේ ලිපියෙනුත් ප්‍රාග් ඓතිහාසික යුගය ගැන කතා කරන්න වෙන පාටක් තමයි තියෙන්නේ :)

චතු ගේ කතා ලියන චතුරංග රාවණා යුගය ගැන ලියවුනු වටින ලිපි එකතුවකට පාර කියල තිබුණා. සිතක සංකල්පනා මධු මල්ලිත් e අටුවාව ට පාර කිව්වා. තවත් අය වැදගත් තොරතුරු දුන්නා වගේම ප්‍රාග් ඓතිහාසික යුගය ගැන ලියවුනා මදි කියලත් කියල තිබුණා. ඉතින් අර ලිපි ටිකත් කියවලා කල්පනා කරලා බැලුවහම වැඩේ ඇත්ත. වාර්තාගත රාජාවලිය ඇරඹෙන්නේ අපේ ගෞතම බුදුන් වහන්සේත් පිරිනිවන් පෑවට පස්සේ. එත් අපි ජීවත් වෙන මහා භද්‍ර කල්පයේ (මහා භද්‍ර කල්පයකට බුදුන් වහන්සේලා පස් නමක් බිහි වෙනවා ලු) තවත් බුදුන් වහන්සේලා තුන් දෙනෙක් ඉඳල තියනවා (කකුසඳ, කෝණාගම, කාශ්‍යප).  ඉතින් අපි කතා කරන ඉතිහාසයට වඩා කතා නොකරන දේ බොහොම වැඩියි.

රාජාවලියේ සඳහන් වෙන විදියට රාවණ රජු ලක් දිව පාලනය කරන්නේ බුද්ධ වර්ෂයට පෙර, 1844 දී පමණ. මේ කාලය කාශ්‍යප බුදුන් ගේ කාලය බවට මතයක් ඇති අතර සමහරු එය කකුසඳ බුදුන් ගේ කාලය බව කියති.  ඒත් කාල පරාසය ගැන හිතල බැලුවම එය කාශ්‍යප බුදුන්ගේ කාලය විය යුතුයි (ගෞතම බුදුන් පිරිනිවන් පා අවුරුදු 2500 ක් ගත වුවද වෙනත් බුදුවරයෙක් තවමත් පහළ වී නැත. එනිසා අවුරුදු 2000 ක් ඇතුලත බුදුවරුන් 4 දෙනෙකු පහළ උනා යයි සිතීම ට අපහසුය - මතයක් පමණි).

කොහොම උනත් රාවණ රාජධාණිය ඒ යුගයේ ඉතාමත් සමෘදිමත් ව, බලවත් ව තිබුනා ලු. රාවණ රජතුමා ත් ඉතාමත් නුවණැති, ශිල්ප දත්, අභිමානවත් කෙනෙක් ලු. රාමායණය වීර කාව්‍ය නිසා රාවණ රජු ගේ චරිතයට අසාධාරණයක් වී ඇති බව තමයි පේන්නේ. වාල්මිකී, රාමායණය ලියද්දී රාමා වීර චරිතයක් හැටියටත්  රාවණා දුෂ්ට චරිතයක් හැටියටත් පෙන්වා දීම ඔහුගේ පැත්තෙන් ස්වාභාවිකයි. රාමායණය සාහිත්‍යමය කෘතියක් මිස ඉතිහාස මුලාශ්‍රයක් නෙමෙයි. අනිත් කරුණ, රාවණාගේ සොයුරියක් වූ සුපර්ණකා ට රාමා ගෙන් හිරිහැර වූ නිසා පළි ගැනීමක් විදියට සීතාව පැහැරගෙන ආවා කියල තමයි සඳහන් වෙන්නේ. අන්තිමේදී සීතා පතිවත ඔප්පු කරන්න ගිනි ගොඩට පැන්නම පිච්චුනේ නැති එකෙන්ම ඔප්පු වෙනවා නේ  රාවණා ගේ නිර්දෝෂී බව :) ඒ විතරක් නෙමෙයි කිසිම වරදක් නොකරපු සීතා ලවා ඒ වගේ දෙයක් කරවන්න රාමා කොයි තරම් සැහැසි වෙන්න ඕන ද? මේවා ඉතින් අපිට තර්ක කරලා කතා කරන්න පුළුවන් උනත් ඉන්දියානුවොනම් කීයටවත් රාම ගේ වැරදි පිළිගන්න එකක් නැහැ. ඒ වගේ තමයි අපිත් කැමති නැහැ රාවණ දුෂ්ටයෙක් කියල කියනවට :-\

ඉතින් මේ රාවණ යුගයේ දී ලංකාවත් ඉන්දියාවත් වෙන් වෙලා තිබුනේ ගඟක් තරම් පටු මුහුදු තීරයකින් ලු. ඒ නිසා වෙන්න ඇති ඔය තරම් ලේසියෙන් ඉන්දියාවත් ලංකාවත් අතර ගමන් බිමන් සිද්ද උනේ. මුලින්ම අපේ බුදුන් වහන්සේගෙන් බුදුන් දහම් සරණ ගිය උපාසකයෝ උනෙත් ලංකාවෙන් ඉන්දියාවට වෙළඳාමේ ගිය තපස්සු, භල්ලුක වෙළඳ දෙබෑයෝ ලු නේ. මේ දෙන්නා ගෙනාපු කේශ ධාතු නිදන් කරලා "ගිරි හඬු සෑය" හැදුවලු. ආදම් ගේ පාලම හදන්නත් කිසිම අමාරුවක් වෙන්න නැතුව ඇති. ඉතින් මේ ලංකා පුරය රාවණා ගේ මරණින් පස්සේ සිද්ද උන මුහුද ගොඩ ගැලීමක් හින්දා වැඩි හරියක් ම මුහුද ට යට උනා කියල තමයි කියන්නේ. ඒ තමයි අපිට අහන්න ලැබෙන පළවෙනි සුනාමි ය.  ඒ සුනාමියෙන් රාවණා රාජධාණිය එහෙම පිටින්ම විනාශ වෙලා මුහුදට යට උනා ලු. සමහර විට ඒ නටබුන් මුහුදු පත්ලක තියෙන්නත් බැරි නැහැ. ලංකාවත් ඉන්දියාවත් ඈත් වෙන්න ඇත්තෙත් මේ සුනාමිය නිසා. කොහොම උනත් රාවණා රජ පෙළපත නම් දිගටම පැවතුනා (ඔහුගේ පුත් ඉන්ද්‍රජිත් ගෙන්).

මේ යුගයේදී ලංකා පුරයේ ඉඳල තියෙන්නේ ජන කොට්ටාශ 4 ක්. යක් (ලෝහ කර්මාන්ත කළ අය), රකුස් (ගොවි තැන් කළ අය), නාග (නාවික කටයුතු කළ අය) සහ දේව (අධ්‍යාපන \ ආගමික කටයුතු) වශයෙන්. රාවණා රජ අයත් උනේ රාක්ෂ (රකුස්) ජන කොටසට. මේ ගෝත්‍ර 4 සිවු හෙළය කියලත් හඳුන්වනවා. මේ "සිව් හෙළය" කියන වචනයෙන් "සිංහලය" වචනය බිහි උනා කියලත් මතයක් තියනවා. ඒවා ගැන ඉතින් පස්සේ කතා කරමුකෝ.


ප්‍රාග් ඓතිහාසික යුගයේ වැදගත් සිද්ධි අතර අමතක නොකරම බැරි දෙයක් තමයි ගෞතම බුදුන් වහන්සේ ගේ ලංකා ආගමන.  උන් වහන්සේ තුන් වතාවක් ලක් දිව ට වැඩම කරා කියල තමයි මහා වන්ශේත් සඳහන් වෙන්නේ. පළවන වතාවේ මහියංගනය ට වැඩම කරලා තියෙන්නේ යක්ෂ හා නාග ගෝත්‍රිකයන් අතර ඇති වෙන්න ගිය සටනක් වලක්වන්න. මේ සිදු වීම වෙන්නේ බුද්ධත්වයෙන් මාස 9 කට පස්සේ. මේ වෙලාවේදී ලබා ගත්ත කේශ ධාතු නිදන් කරලා තමයි මහියංගන චයිත්‍යය (මියුගුණ සෑය) හදල තියෙන්නේ. දෙවැනි වතාවට වැඩියේ නාග දීපය ට. ඒ, චූලෝදර සහ මහෝදර නා රජවරුන් අතර මැණික් පුටුවක් හේතුවෙන් ඇති වීමට ගිය සටනක් වැලක්වීමට. පස්සේදී ඒ මැණික් පුටුව නිදන් කරලා නාග දීපයේ රාජායතන විහාරය තැනුවා ලු. මේ අවස්ථාවේදී මණි අක්ඛිත නා රජු බුදුන් වහන්සේ ට ආරාධනා කරා ලු පසු කාලෙකදී කැලණියට වඩින්න. ඒ ආරාධනාව අනුව තමයි උන් වහන්සේ බුද්ධත්වයෙන් අවුරුදු 8 කට පස්සේ කැලණිය ට වඩින්නේ.  ඒ ගමනේදී උන් වහන්සේ සමනල කන්ද, තිස්ස මහාරාමය, කතරගම, දිවා ගුහාව ඇතුළු ස්ථාන කිහිපයකටම වැඩම කරනවා. උඩ පින්තුරයේ තියෙන්නේ බුදුන්ගේ තෙවන වර පැමිණීම දැක්වෙන කැළණි විහාර සිතුවමක්.

මේ සියළු කාරණා සහ දැනට හමු වී ඇති ප්‍රාග් ඓතිහාසික මානවයින්ගේ පුරා විද්‍යාත්මක සාධක සලකා බැලුවම ලංකාද්වීපය විජයාගමනයට බොහෝ කලකට පෙර සිටම දියුණු ශිෂ්ටාචාරයක් ව තිබූ බව හොඳින්ම පැහැදිළි වෙනවා. ඉතින් සිංහල ජාතිය ආරම්භ උනේ විජයගෙන් නම් වෙන්න බැහැ. කොහොම උනත් ඊ ළඟ ලිපියෙන් විජය ගැන කියන්නයි  හිතාගෙන ඉන්නේ. වාර්තාගත රාජාවලියේ ආරම්භය තමයි එතන. ඒකත් රාජ්‍ය බලෙන් පැහැර ගැනීමක්.

රාවණා පෙළපතේ බලය පැහැරගත් සිංහ වංශිකයන් ගේ කතාව ඊ ළඟ ලිපියෙන්....

                                         ~~~~~~~~~~~~~~~~~~~~~~~
ප. ලි.   රාවණ රජ පෙළපත ඉන්ද්‍රජිත් ගෙන් නොනැසී පැවතුන බව කීමෙන් වැරදි අදහසක් ගම්‍ය වේ. රාවණා ගෙන් පසු රජ උනේ ඔහුගේ සොහොයුරු විභීෂණ (මොහු රාම ට උදව් කළ කෙනෙක්) වන අතර ඉන්ද්‍රජිත් ගේ දරුවන් දෙදෙනා වන රවිශෛලාෂ හා කේවේසස්‌ථ විභීෂණ පරදවා රට පාලනය කළ බව සඳහන් වේ. එනිසා ඉන්ද්‍රජිත් ගේ පුතුන් රජ වුනත් ඉන්ද්‍රජිත් රජ උනේ නැත.  මෙය පෙන්වා දුන් නිසංස සහ ලහිරු ට ස්තුතියි...


ප. ප. ලි.  මහා භද්‍ර කල්පයකට බුදුන් වහන්සේලා පස් නමක් බිහි වෙන අතර අනෙක් කල්ප වල බිහි වෙන්නේ හතර නමයි ලු. මේ කල්පය මහා භද්‍ර කල්පයක් කියල හඳුන්වන්නේ ඒ නිසා. මෙය පෙන්වා දුන් හසිතට ස්තුතියි... 


                                      ~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
වැඩි විස්තර දැන ගැනීමට කැමති කෙනෙකුට...චතුරංග, මධුරංග සහ චා විසින් ලබා දුන් සබැඳි,
හෙල යුගය
Sinhala Literary Association - බ්ලොග් අවකාශයේ ඉතිහාස ගවේෂණය 
ඊ අටුවාව
http://apethana.com/drupal/helayugaya
http://www.sriravana.tk/
http://www.sriravana.com/
http://www.ravanabrothers.com/

38 comments:

  1. මම දන්න හැටියට කරුණු කීපයක් කියන්නද?

    1. ඔය කියන සුනාමිය එන්නේ රාවණ මැරෙන්න කලින්. ("ලංකා කඩයිම් පොත" කියවන්න) සමහරු කියන විදියට ඒ සුනාමියට හේතුව උල්කාපාතයක් වැටීමලු. ඒ සිද්ධීයලු අර හන්මා අතින් කන්දක් බිමට වැටුනා කියලා ලියලා කියෙන්නේ.
    3. රාමායනයේ හැටියට ඉන්ද්‍රජිත් යුද්දෙදි මැරෙනවා.(රාවණට කලින්)
    4. මුල් රජ පරම්පරාවෙන් ඉතිරි වෙන්නේ විභීෂණ විතරයි රාමායනයේ හැටියට. (එයා ගැන කථා නොකර ඉමු). නමුත් මහාචාර්ය සූරිය ගුණසේකර කියන විදියට, රාවණගේ බිසව(මන්දෝදරී)ගේ මල්ලී, දනුබ් කුමාරයා දැන් අපි යුරෝපය කියන ප්‍රදේශයට පලා ගිහින් එහේ ශිෂ්ඨාචාරය ආරම්භ කරලා තියෙනවා.

    ReplyDelete
  2. කොහොමත් අදටත් ඉන්දියාවේ රාමා සිහි කරලා රාවණා ගේ පිළිරූ පුළුස්සන උත්සව තියෙනවා. මමත් අහලා තියෙන විදියට රාවණා රජතුමාගේ සේනාව මෙහෙයවද්දි ඉන්ද්‍රජිත් මැරෙනවා. රාවණා රජු ගෙන් පස්සේ රාජ්‍යය බාරවෙන්නේ රාවණා ව අන්තිමට පාවලා දුන්න විභීෂණ ට නේ!
    …නොදන්න දේවල් ගොඩක් දැනගත්තා!වටින සටහනක්!

    ReplyDelete
  3. සමහර විස්තර නම් අහන්න ලැබුනේ අක්කාගෙන්ම විතරයි. ගොඩක් වටින විස්තර ටිකක් අක්කේ. ඔය සුපර්ණිකා ගැන මම් මුතූගෙන් (මගේ ඊ මේල් ෆ්‍රෙන්ඩ් කෙනෙක්) අහලා තියෙනවා.

    ඔයාට ඒක ලිපිය වැදගත් වෙයි කියල හිතෙනවනම් මෙතනින් ගිහින් බලන්න. ගන්න පුලුවන් හරයක් තියේ නම් ගන්ඩෝ.

    මගේ ලිපි වලට කොපිරයිට්ස් නම් නෑ. ඒ නිසා අක්කට වගේම ඕන කෙනෙක් ඉන්නවා නම් ලිපිය කොපි කරගත්තට පවු නෑ.

    ReplyDelete
  4. කොහොමහරි එදා ඉදන් අද වෙනකං එකම දෙයක්නං පැවතෙනවා නොකඩවා..."පාවා දීම" අද ඉන්නේ විභීෂනගේ බාප්පලා...

    ReplyDelete
  5. 1. පෝස්ට් එකට ස්තූතියි!
    2. රාවණායනය කියලත් පොතක් තියනවලු, දන්න කෙනෙක් ඉන්නවනං විස්තරයක් දෙන්න! :)
    3.[රාජාවලියේ සඳහන් වෙන විදියට රාවණ රජු ලක් දිව පාලනය කරන්නේ බුද්ධ වර්ෂයට පෙර, 1844 දී පමණ. මේ කාලය කාශ්‍යප බුදුන් ගේ කාලය බවට මතයක්]
    මේ කියන්නෙ ගෞතම බුදුන් වහන්සේට වසර 1844කට පෙර කියන එකද?

    ReplyDelete
  6. සමහර තොරතුරුනම් මං දැනන් හිටියේ නෑ අක්කේ.. බලාගෙන යද්දී අපි අපේ ඉතිහාසෙත් සම්පූර්නෙන් දන්නේ නෑනේ..

    ReplyDelete
  7. ඊළඟ ලිපිය එනතෙක් බලා සිටිමි.

    ReplyDelete
  8. මෙතන නම් මම දන්නේ නැති දේවල් ගොඩයි....
    ඉතිහාසයත් හරිම සංකීර්ණයි නේ........

    ReplyDelete
  9. @Nisansa Dilushan : බොහොම ස්තුතියි මේ තොරතුරු වලට.

    සුනාමිය ආවේ යුද්ධය අතරතුරදී කියලත් සමහරු කියනවා. ඔව් හනුමා උස්සගෙන ආපු රිටිගල කන්දෙන් කොටසක්ලු නේ බිම වැටුනා කියන්නේ. ඒ "රූමස්සල" කන්ද ලු. කන්ද උනා වැටුන නිසා එතනට උන වටුන කියනවලු. ඔය වගේ කතා නම් ගොඩක් තියනවා.

    ඉන්ද්‍රජිත් කලින් මැරුණා කියල ගොඩක් තැන් වල සඳහන් වෙනවා. ඒත් ඔහුගේ පුතුන් විසින් විභීෂණ ට එරෙහිව වෙනත් ප්‍රදේශ වල රජ උනාලු. මම ලියල තියන විදියෙන් තේරෙන්නේ වෙනත් දෙයක්. ස්තුතියි පෙන්වා දුන්නට.

    ReplyDelete
  10. @ලහිරු : කමෙන්ටුවටත් තොරතුරු වලටත් ස්තුතියි ලහිරු....ඇත්තටම ඉන්ද්‍රජිත් මැරිලා තියෙන්නේ සටන අතරතුර තමයි. ඊ ළඟට රජ වෙලා තියෙන්නෙත් විභීෂණ. ඉන්ද්‍රජිත් ගේ ළමයි පසුව රට පාලනය කරලා තියනවා. මේක පැහැදිලිව ප.ලි. කෑල්ලක වත් දැම්මොත් හොඳයි වගේ..මගේ සටහන පැහැදිළි මදි :) ස්තුතියි ඔයාට....

    ReplyDelete
  11. @ මධුරංග : ඔයාටත් බොහොම ස්තුතියි මල්ලි ලිපියට පාර කිව්වට. ඒ සමහර දේවල් මම ඇහුවෙත් අදමයි...ගොඩක්ම ස්තුතියි.

    @ ඔබ නොදු‍ටු ලොවක් : ඔබ හරි..ඒක වෙන්න ඕන සිංහලේ මුල්ම පාවා දීම...ඒ ගැනනම් මම ලිපියේ ලිව්වේ නැහැ...

    @ තනි අලියා : ඔව් අලියා...බුද්ධ වර්ෂ ගණන් කරන්න පටන් ගත්තේ ගෞතම බුදුන් පිරිනිවන් පෑ දවසේ ඉඳල නේ. ඉතින් එදාට අවුරුදු 1844 කට පෙර රාවණා හිටියා කියල තමයි රාජාවලියේ තියෙන්නේ.

    ReplyDelete
  12. @ Dinesh : ඔව් මල්ලි..අපි ඉතිහාසය ගැන දන්නේ හරිම ටිකයි...

    @ විසිතුරු : කලකට පස්සේ...විසිතුරු දැක්කේ :) පුළුවන් ඉක්මනින් දාන්නම්කො.....

    @ ගලයා : ස්තුතියි කමෙන්ටුවට :) ඇත්තටම සංකීර්ණයි ගලයෝ...

    ReplyDelete
  13. ඉතිං එ් කාලෙ බුදු කෙනෙක් වැඩ ඉන්නෙ කෝමද? බුද්ධාන්තරයක් කියන්නෙ හෙණ විසාල කාලයක්නෙ!

    ReplyDelete
  14. @තනි අලියා : මෙහෙමයි...කාශ්‍යප බුදුනේ කාලය කිව්වට ඒකෙන් කියවෙන්නේ නැහැ ඒ කාලේ කාශ්‍යප බුදු හාමුදුරවො හිටියා කියලා...දැන් බලන්න මේ ගෞතම බුදුන්ගේ කාලය උනාට උන් වහන්සේ පිරිනිවන් පාලා දැන් අවුරුදු 2550 ක්. මයිත්‍රී බුදුන් පහළ වෙනකන් ම මේක ගෞතම බුදුන්ගේ කාලය තමයි. ඒ වගේ තමයි ගෞතම බුදුන් බුදු වෙන්න කලින් කාලය කාශ්‍යප බුදුන්ගේ කාලය හැටියට තමයි ගනන් ගන්නේ...

    ReplyDelete
  15. බොහොම පින් මේ වගේ විස්තර හොයලා මේක ලිව්වට.

    රාවණාගේ කුලය යක් එහෙමත් නැත්නම් යක්ෂ ලෙසත් හඳහන් වෙනවනේ සමහර පොත් පත් වල.
    ඒ වගේම වාල්මිකීගේ රාමායනයේ ඔහු රාක්ෂෂ ගෝත්‍රිකයෙක් ලෙසින් හඳුන්වනවා. මින් නිවැරදි කුමක්ද.

    මම ඔය අනිත් හැම රජෙකුටම වැඩිය රාවණට කැමතියි.
    ඔහු ගැන ලියවුනු පොත් පත් කිහිපයකුත් මම බලල තියෙනවා.
    ඒවායින් සහ අසා දැනගත් කරුණු අනුව රාවණ රජු දකුණු අප්‍රිකාව දක්වා බලය පතුරවාගෙන ඉඳල තියෙනවා.
    මට මතක විදිහට භද්‍රජී මහත්මාගේ පොතේ හෝ වෙනයම් පොතක සඳහන් වන පරිදි රාම අවසානයේ සිතේ ඇති වන සැකය මත සීතාව අතහැර වෙනත් බිසවක් සරණපාව ගන්නවා.

    ඉතින් රාම යනු හුදෙක් අපේ ඔළුගෙඩි වලට බලෙන් කා වැද්දවූ සුදු චරිතයක් බව තේරුම යන්නේ නැද්ද.
    ඕකට ලොකුම හේතුව අපිට අපේ ඉතිහාසය නිවැරදිව උගන්වන්නේ නැති කම.

    අනික ඉස්සර TNL එකේ ගිය රාමායණය(ඉන්දියන් නිෂ්පාදනයකි) කතා මාලාවත් අපේ මිනිස්සුන්ගේ ඔළුගෙඩි හෝදන්න ලොකු හේතුවක් වුනා. ඒකෙ රාමව පෙන්නුවේ නිකන් මලක් වගේ, ඒත් රාවණ කියන්නේ යක්ෂයෙක් විදිහට ඒත්තු වෙන විදිහට තමයි හදල තිබුනේ.

    අපේ රටේ විතරක් නෙමෙයි මුළු ලෝකෙන්ම හිටපු විශිෂ්ටතම රජු රාවණ බවට විවාදයක් නැහැ.
    අන්තිමේදී සම්ප්‍රදායික පාවා දෙන්නන් හමුවේ පරාජ කර හොර නාමයකුත් ඔහුට පටවලා.

    ඒ මදිවට මුහුණු පොතේ ඉන්න සමහර නුතන අන්තර්ජාල විද්වත්තු රාවණට පලු යන්න බනිනවත් එක්ක.
    අනේ මන්ද ඒ මනුස්සය මෙයාලට කරපු වැරැද්ද මොකක්ද කියලා.... :)

    ඒ වගේම අපේ ජාතිය තාමත් විශිෂ්ටතම පාවා දෙන්නන් වීමට හේතුව අහන්නත් දෙයක් නැහැ. අපි දන්නා කියන මහා පාවා දීම කරපු එකාව(විභීෂනව) අපේ මිනිස්සු දෙවියෙක් කියලා වැඳුම් පිදුම් කරනවා.
    ඉතින් අපේ මිනිස්සු අපේම එකාව පාවා නොදුන්නොත් තමයි පුදුමේ.

    ReplyDelete
  16. @ ලොකු පුතා : බොහොම ස්තුතියි තවත් වැදගත් තොරතුරු ටිකක් මේකට එකතු කරාට. රාවණා ගේ මව් පාර්ශවයෙන් (කාකේසි) යක් ගෝත්‍රයට නෑ කමක් තියනවා කියලා මම අහල තියනවා. ඔහු මේ ගෝත්‍ර දෙකටම අයත් වෙන්නත් පුළුවන් ඒ නිසා.

    සීතා පතිවත ඔප්පු කලත් රාමා සීතාව වනයට පලවා හැරියා කියල තමයි මාත් අහල තියෙන්නේ. ඇත්තටමනම් රාම තමයි දුෂ්ටයා...රාවණ නෙවෙයි. ඔයා කියනවා වගේ අපේ මිනිස්සුත් රාවණා ව පතුරු ගහන්නේ මොකද මන්දා :-|

    ReplyDelete
  17. මේ ලිපියෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා... මමත් රාවණා රජතුමා ගැන විස්තර දැනගන්න ගොඩක් කැමතියි.... මම දකින්නෙ එතුමා වීරයෙක් හැටියට... දඬුමොණරය ගැන කතාව ඇත්තක් නම් එතුමාගෙ තාක්ෂනික දැනුම කොතරම් විශාල වෙන්න ඇත්ද කියල මට හිතෙනව... (අර ඩා වින්චි(සි ) වගෙ... ඩා වින්සිවත් මිනිස්සු වැඩිපුරම දන්නෙ චිත්‍ර කලා ශිල්පියෙක් විදියට උනත් එයා මොනතරම් විවිධාකාරයේ උපකරණ නිර්මාණය කරල තියෙනවද...)
    එතකොට අපිට රාවණා ගැන තියෙන්නෙ ඉතිහාස පොත්වල ලියැවුනු තොරතුරු විතරමද, නැත්නම් පුරාවිද්‍යා සාධක තියෙනවද..... එහෙමත් නැත්නම් ඒවා අර කිව්ව සුනාමියෙන් විනාශ වෙලා ගිහින්ද...?
    මම වැඩ කරන තැන ඉන්දියන්කාරයෙකුත් මගෙන් මේ විස්තර අහලා තියෙනවා... එයා කිව්ව විදියට එයාල රාවණා ගැන දන්නෙ අර කතරගම දෙයියො වගේ මුහුනු කිහිපයක් සහ අත් ගණනාවක් තියෙන රාක්ෂයෙක් හැටියට...
    අර නුවර එළිය පත්තෙ තියෙන සීතා ගුහාව වගේ ඒව මේ රාමායනය කතාවට ඇත්තටම සම්බන්ධ ඒවද? මට මතකයි කලකට ඉස්සර රූපවාහිනී වැඩසටහනක් පෙන්නුවා එක්තරා පුරාවිද්‍යා ගවේශකයො වගයක් සොයාගෙන තියෙනවා හෝටන් තැන්නෙ (World's End) කලකට ඉහත විශාල ගින්නක් ඇතිවෙලා තියෙන බව... ඒ වගේම එහි තියෙන පස් තට්ටුව අඩි කිහිපයක් ඝනකමට යනකම් කලු පාට සශ්‍රීක නොවන හින්ද වැඩිය උසට ගස් වැවෙන්නෙ නැතිලු... මේ පස් පරීක්ෂා කරපු ඔවුන් සැක කලා අර ගින්නෙ කතාව... හට්ටි මුට්ටි කෑලි පවා හමුවෙලා තිබුනා එයාලගෙ කැණීම් වලදි...
    මං දන්නෙ නෑ ඒ වැඩ සටහන කොයි තරම් දුරට ගියාද, මේ ගවේශනය මොන මට්ටමකින් කොතරම් දුරකට කෙරුනද කියලා... දන්න කෙනෙක් ඉන්නවනම් විස්තරයක් පල කරයි කියලා හිතනවා...

    ReplyDelete
  18. අා අා ! මීටර්! :)

    ReplyDelete
  19. @ Miyuru : බොහොම ස්තුතියි ඔයාගේ සවිස්තරාත්මක කමෙන්ටුවට. ඔව් ඒ කාලේ පිට ග්‍රහලෝක එක්කත් තොරතුරු හුවමාරුව සිද්ධ උනා කියලා කියනවා (හෙළ යුගය බ්ලොග් එකේ ඒ ගැන තිබුණා). රාවණා ඔලු 10 යක්ෂයෙක් හැටියට ගොඩක් අය හිතනවා. ඒත් ඔලු 10 තියනවා කියල කිව්වේ රාවණාගේ උසස් නුවණ නිසා මිසක් ඇත්තට ඔලු 10 ක් තිබිලා නෙමෙයි ලු.

    සෙල් ලිපි වගේ දේවල් සාධක හැටියට තියනවා මම හිතන්නේ. රාවණ අල්ල ළඟ තිබුන ගුහාවෙනුත් හිස් කබල් වගේ දේවල් හමු වෙලා තියනවා.. මමත් කැමතියි ඒ ගවේෂණය ගැන දැන ගන්න...මම නම් දන්නේ නෑ ඉතින්....


    @ තනි අලියා : එල කිරි :))

    ReplyDelete
  20. //ඒ මදිවට මුහුණු පොතේ ඉන්න සමහර නුතන අන්තර්ජාල විද්වත්තු රාවණට පලු යන්න බනිනවත් එක්ක.
    අනේ මන්ද ඒ මනුස්සය මෙයාලට කරපු වැරැද්ද මොකක්ද කියලා.... :)
    //

    ලොකුපුතා ගේ මේ කථාව කියෙව්වම මට නම් හිනා !!! 100% ක් ඇත්ත. ඔය වගේ කට්ටියට සුද්දෙක්ගේ අධෝ වාතයත් හරි ලොකුයි. හැබැයි ලංකාවේ රාවණා කියලා රජ කෙනෙක් හිටියේ නෑ. ඇයි ? ලංකාව කවුරුත් නොදන්න ඇබිත්තං රටක්නේ... හිටියත් ඒකා සීතා වගේ කාන්තාවක් බලෙන් පැහැරගෙන ආපු (රේප් ???) ගෑණු පෙරේතයෙක්, පල් හොරෙක් ???

    ඔන්න ඔහොමයි අපේ අය. කොහොම වුනත් රාවණා ගැන අපේ අය අතිශයෝක්තියෙන් දක්වලා තියෙන අවස්ථාත් වැඩියි. මේ වැඩේ ගොඩක් සංකීර්ණ වෙලා තියෙන්නේ ඒකයි. ඉන්දියන් කාරයෝ වගේම ඊට පස්සේ බටහිර ලොක්කොත් රාවණා සෘණ චරිතයක් කරද්දී අපේ සමහර පණ්ඩිතවරු රාවණාව පුම්බලා හොඳටම...

    රාවණා කියන්නේ ප්‍රබන්ධයක් නෙවෙයි ! ඒ වගේම විජය අපේ මහ මුත්තත් නෙවෙයි. හැබැයි එකක් කියන්න ඕනේ. පිරිසිදු හෙලයෝ දැන් නෑ... විජයගේ ලේ... දකුණු ඉන්දියානු ලේ... මුස්ලිම් ලේ... ඊටත් පස්සේ යුරෝපීය ලේ වලින් කලවම් වෙච්චි කලවම් ජාතියක් තමා අපි. රාවණාගේ පරම්පරාවෙන් නොබෙදි එන ජාන තියෙන අයත් කලාතුරකින් ඉන්නවා. නැත්නම් ඉතින් අදටත් සිංහලයක් නෑ...!!!

    උත්සාහය අගෙයි සයුරි...!!! දිගටම ගවේෂණය කරගෙන යන්න. අපිටත් නොදන්න දේ ඉගෙන ගන්න පුළුවන්... වැදගත්ම දේ මේ බ්ලොග් අවකාශේ ඇතුලේ හරි මිත්‍යාව බිඳින්න පුළුවන්... එකෙක් හරි ඇත්ත දැනගනීවිනේ... ඒකත් වටිනවා...

    මම කොච්චර ආස වුනත් මේ මාතෘකාව ගැන ලිපියක් මගේ බ්ලොගේ ආයෙත් පළවෙන එකක් නෑ. ඒත් මේ වගේ තැන් වල අනිවා මමත් ඉන්නවා. පුළුවන් හැම සහයෝගයක්ම ඒ වෙනුවෙන් !!! ජය !!!

    ReplyDelete
  21. @ මියුරු :
    //එතකොට අපිට රාවණා ගැන තියෙන්නෙ ඉතිහාස පොත්වල ලියැවුනු තොරතුරු විතරමද, නැත්නම් පුරාවිද්‍යා සාධක තියෙනවද..... එහෙමත් නැත්නම් ඒවා අර කිව්ව සුනාමියෙන් විනාශ වෙලා ගිහින්ද...?//

    පුරාවිද්‍යා සාක්ෂි එක්කම ඔය ගැන ලිපි පෙලක් රිවිර පත්තරේ පළ වුනා.

    http://www.sendspace.com/file/d6uoio

    ReplyDelete
  22. @ චතුරංග : බොහොම ස්තුතියි චතුරංග ඔයාගේ අදහස් වලටත් දිරි ගැන්වීමටත්...ඔයා කියපු කතාවත් රාවණා ගැන වැරදියට හිතන්න අනුබල දෙන එක හේතුවක්...ඕනවට වඩා පුම්බලා කතා කරාමත් ඒවා විශ්වාස කරන්න මිනිස්සු පැකිලෙනවා....එතකොට වෙන්නේ අනවශ්‍ය බොරු, ඇත්ත දේවලුත් එක්කම එහෙම පිටින්ම බැහැර වෙන එක...

    අනිවාර්යෙන්ම විජයනම් මහ මුත්තා නොවෙන බව හොඳටම පැහැදිලියි...එයාටයි ඉන්දියාවෙන් ගෙනා බිසව ටයි ළමයි හිටියෙත් නැති එකේ. සිංහ වංශිකයෝ සුළු පිරිසක් ඇවිත් ලක් දිව සිවු හෙළය ත් එක්ක මිශ්‍ර උනාට පස්සේ භාෂාව, සංස්කෘතිය හැම දේටම adjust වෙලා ස්ථාවර තැනකට ආවා කියලයි මට හිතෙන්නේ...දැන්නම් අපේ ජාතිය ඔයා කිව්වා වගේ හුඟක් දුරට කවලම් තමා....

    ReplyDelete
  23. අදමයි ගොඩ වැදුනේ.... අලුත් කෙනෙක්නේ ඉතින් මම ඇත්තටම ගොඩාක් වටින තොරතුරු ටිකක්... ඉතිරි ඒවා එනතෙක් බලා සිටිමි

    ReplyDelete
  24. @ හිතුමතේ : බොහොම ස්තුතියි හිතුමතේ...සාදරයෙන් පිළිගන්නවා ඔයාව...කිව්වට මොකද මටත් තවම මාස 2 ක් උනේ නෑ වයස :D...ඔන්න එහෙනම් මාත් එනවා හිතුමතේ ගේ දිහා...

    ReplyDelete
  25. රාම රාවණා කතා මිතලුවක් කියන අයවගේම ඒක ඇත්තක් කියල පිලිගන්න අයත් ඉන්නව. මූලාශ්‍ර බොහ්මයක් ගැන දැනගත්ත මේ පෝස්ට් එකෙන්. ස්තූතියි විස්තරේට.

    ReplyDelete
  26. @ රෝස කුමාරි : බොහොම ස්තුතියි ඔයාගේ කමෙන්ටුවට...ඔව්, මේ දෙකොටසටම අයිති අය ඉන්නවා....සෙල් ලිපි වගේ සාධක නිසා මේවා ගොඩක් දුරට විශ්වාස කරන්න පුළුවන්...

    ReplyDelete
  27. උදයංග ලක්මාල්November 8, 2011 at 11:10 PM

    ගොඩක් වටිනා ලිපියක් සයුරි... සමහර නොදන්න කරුණුත් දැන ගත්තා... ඇත්තටම අපේ ඉතිහාසය ගැන ලියන්න පටන් ගත්ත එක නම් සතුටට කරුණක්...හරිම රසවත්... මේ ගැන දිගටම ලියන්න... අපේ ඉතිහාසයේ සමහර කරුණු සම්බන්ධයෙන් නොයෙකුත් මත වාද මෙන්ම අවිනිශ්චිත දේවලුත් තිබෙනවා...

    ReplyDelete
  28. @ උදයංග : බොහොම ස්තුතියි උදයංග...ඇත්තටම ඔව්, මතවාද සහ අවිනිශ්චිත තැන් ගොඩක් තියනවා...ටික දෙනෙක් හරි මේ ලිපි පෙළත් එක්ක දිගටම රැඳී ඉන්න එක ගැනනම් සතුටුයි...

    ReplyDelete
  29. පුංචි දවස් වල කියවල අමතක වෙලා තිබුන ඉතිහාසයක්, නැවත මතක් කලාට තෑන්ක් යූ.

    ReplyDelete
  30. @Observer : ලිපිය කියෙව්වට ත් තැනක් යූ :)

    ReplyDelete
  31. වටිනා කරුණු කාරණා කීපයක් දක්වලා තියෙනවානේ :)

    පොඩි නිවැරදි කිරීමක් කරන්නම්

    "එත් අපි ජීවත් වෙන මහා භද්‍ර කල්පයේ (භද්‍ර කල්පයකට බුදුන් වහන්සේලා පස් නමක් බිහි වෙනවා ලු) තවත් බුදුන් වහන්සේලා තුන් දෙනෙක් ඉඳල තියනවා (කකුසඳ, කෝණාගම, කාශ්‍යප)"

    මේ කල්පය මහා භද්‍ර කල්පය කියලා හඳුන්වන්නේ බුදුවරයන් වහන්සේලා පස් නමක් බුද්ධත්වයට පත්වන නිසා. එහෙම නැත්නම් අනෙක් කල්පවල බුදුවරයන් වහන්සේලා 4 නමයිලු බුද්ධත්වයට පත්වෙන්නේ

    ReplyDelete
  32. @ හසිත : බොහොමත්ම ස්තුතියි නිවැරදි කිරීමට...මටත් තිබුන ගැටළුවක් තමයි බුදුවරු 29 දෙනා(මයිත්‍රී බුදුන් ඇතුළුව) 5 න් බෙදෙන්නේ නැති එක. එහෙනම් මේකයි කාරණේ...ඒක නිවැරදි කරන්න ඕන.

    මල්ලිට පුළුවන්නම් මම ඉස්සරහට දාන ඉතිහාස ලිපි වලත් වැරදි තිබුනොත් කියන්න...ඒක ලොකු දෙයක් :)

    ReplyDelete
  33. දන්නැති කරුණු ගොඩක් දැන ගත්ත.

    ReplyDelete
    Replies
    1. ඒ ගැන සතුටුයි චන්දන

      Delete
  34. ගොඩක් ආසවෙන් කියවන් යනවා. ගොඩක් කරුනු දැනගත්තා. අදයි ගොඩ උනෙ..

    ReplyDelete
    Replies
    1. අනුෂ්කා, අනේ මට මේ කමෙන්ටුව මග ඇරිලා. සමා වෙන්න ඕන.

      Delete
  35. විජයට පෙර කතන්දර ගැනනං මටත් තියෙන්නෙ විවේචනයක්. කිසිදු පුරාවිද්‍යාත්මක සාක්ෂියක් ඉතිරි වෙලා නෑ ඔවුන් ගැන. ඒ වගේම අඩු තරමින් මහා වංශය මට්ටමේ හෝ ලිඛිත සාක්ෂිත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත රාජ්. ඉතිහාස පොත ආරම්භ වෙන්නේ විජයගෙන් නේ. ඒක තමා දුක.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...