Friday, October 18, 2013

බිනර මලක්

කිරි සයුරෙන් කිරි සුවඳ පොදක් ගෙන
මුතු බෙලි කටුවක සුරැකිව කැටි කොට
ආදරයෙන් මා දෝතට ගෙන දුන්
සුවඳති  හිනා මලක්

රන් හිරුගෙන් රන් කිරණ රොදක් ගෙන
ඒ කිරණින් මට එළියක් අරගෙන
ගලනා සීතල සුදු සඳ එළියේ
සුපිපුණු බිනර මලක්


අත්වැල මම වෙන්නම් නම් දරන ලිපිය හා සබැඳේ




ප. ලි.

කට්ටියට කොහොමද ඉතිං ? මාස එක හමාරකට විතර පස්සේ තමයි ඔන්න මේ පැත්තේ ආවේ. හේතුව පැහැදිලි ඇති නේ :)

කාගෙවත්ම බ්ලොග් වල කමෙන්ට් එකක්වත් දාන්න ලැබුනේ නැතත් අතරින් පතර අහු වෙච්ච පෝස්ට් නම් කියෙව්වා. මම නැත්තේ මොකද කියලා හොයල බලපු අයටත් බොහොම ස්තුතියි.

ඉස්සර වගේ නිතරම බැරි උනත් ඉස්සරහටත් ඉඩ ලැබෙන හැටියට පෝස්ට් කියවන්න වගේම ලියන්නත් බලාපොරොත්තු වෙනවා. මෙව්වා එහෙම අත ඇරලා දාන්නත් හොඳ නැහැනේ :)


68 comments:

  1. සයුරිටයි, බිනරමලටයි දෙන්නටම සුබ පැතුම්. :)
    දැන් ඉතින් ලියන්ට කතා ගොඩක් තියෙයි.

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් කතා නම් ගොඩයි ඉතින්..වෙලාවක් තමා නැත්තේ. ස්තුතියි පොඩ්ඩි

      Delete
  2. subha pathum............

    ReplyDelete
  3. සුභම සුභ පැතුම්... බිනර මලට නිදුක් නිරෝගී දිවියක් උදා වී රටට වැඩදායී යහපත් පුරවැසිකේ වීමේ භාග්‍යය උදා වේවායි හදවතින් ප්‍රාර්ථනා කරමි!...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සිඟිති ප්‍රාර්ථනාවට.

      Delete
  4. සෙනෙහස තැවරුණු කවියක්...ඔබ දෙදෙනාට ම සුබ පතමි!

    ReplyDelete
    Replies
    1. ඔයාටත් බොහොම ස්තුතියි දිලිනි

      Delete
  5. ඕ .... මෙයා ඒක කියපු හැටි. එහෙනම් සයුරි, මගෙනුත් උණුසුම් සුබ පැතුම් !

    ReplyDelete
    Replies
    1. කියපු හැටි අවුල් නෑ නේද.
      ස්තුතියි ඩීඩීටී

      Delete
  6. ආරංචිය ලැබුනා. ඔබේ පවුලටම සුභ පැතුම්.

    මූඩ් එක තවත් ඉහලට නැංවීම සඳහා සුදුසු කතාවක් මතක් කලේ.

    ආමි එකේ වැඩ කරපු එකෙක් වයිෆ්ට කිව්වලු බබා ලැබුනාම කෑම්ප් එකේ කාටවත් නොතේරෙන විදියට "බයිසිකලය ලැබුනා" කියලා ටෙලිග්‍රෑම් එකක් එවන්න කියලා. (මේ සෙල් ෆෝන් යුගය නෙවෙයි) මේ දෙන්නම බලාපොරොත්තුව ඉඳලා තියෙන්නේ කොල්ලෙක්. ඉතින් ටික දවසකින් ඔන්න ලැබුනලු කෑම්ප් එකට අර පුල පුලා බලා සිටි ටෙලිග්‍රෑම් එක.
    "බයිසිකලය ලැබුනා. පොම්පය නැත."

    ReplyDelete
    Replies
    1. ඩූඩ් උඹනම් මිත්‍ර සමාගමට අඟනාම මිනිසෙක් බං..!( තව ඩිංගෙං හක්ක පනිනවා හිනාවෙලා..!!)

      Delete
    2. හිහි...ඔය කතාව මම අහල තියනවා මම හිතන්නේ..අපේ බයිසිකලේටනම් ඔන්න පොම්පයක් තියනවා.
      බොහොම ස්තුතියි සුබ පැතුමට

      Delete
    3. හප්පා හිනා කාලා මැරෙනවා...

      Delete
  7. මම ලාවට වගේ දන්න කියන කීප දෙනෙක්ට කිව්වා මේ සුභ ආරංචිය... මට නම් හරිම සතුටුයි සයුරි... හරියට මට දරුවෙක් ලැබුණා හා සමානයි ...සහන් මාමා ආදරෙන් මතක් කළා කියන්න පුංචි බිනර මල... මොකද මමත් බිනර මලක් නෙව...:)

    ReplyDelete
    Replies
    1. සහන්ට නේ මුලින්ම ආරංචිය ලැබුණේ :) හ්ම්ම් හ්ම්ම් සහන් මාමත් බිනර මලක් නේන්නම්.

      Delete
    2. ඈහ්...සහනුත් බිනර මලක් ද... :)

      මං නම් පොසොං සඳක්... පිං පාටයි නෙහ් ? :P

      Delete
    3. මගේ අම්මත් බිනර මලක් .මමත් බිනර මලක් .මගේ නෝනත් බිනර මලක්.මගේ බ්ලොග් එකට එන අයගෙනුත් 60% වැඩි ප්‍රමාණයක් බිනර මල්.. මෙන්න සාක්කි ...!

      Delete
  8. අඩේ මම මේ ඒත් බැලුවා සයුරිස් කෝ කියලා... මටනම්..ඔන්න දැන් තමා උණු උණුවෙන්ම නිවුස් එක බ්‍රේක් වුනේ.. හන්කවිසියක්වත් දැනන් උන්නේ නෑ නොවැ..

    එහෙනම් සයුරිටයි, සයුරටයි අළුතෙන් ආපු බිනර මලයි ඇතුළු කුරුළු කැදැල්ලටම සුබ අනාගතයක් පතනවා ! දරුවගේ අනාගතය හැම පැත්තකින්ම යහපත් වේවා !!

    සැප්තැම්බර්ද ඉපදුනෙ ? බිනර මලක් කිව්වෙ ?

    ReplyDelete
    Replies
    1. ඔන්න බලමු මාව කොහෙද කියල හොයන්න කලින් සෙන්නා කොහෙද කියල හොයන්න වෙනවා අපිට. :ද
      සහන් අහනකන්ම කවුරුත් දැනන් හිටියේ නෑ ඉතින්. බොහොම ස්තුතියි සෙන්නයියා සුබ පැතුමට..ඔව් ඔව් සැප්තැම්බර් අග හරියේ ආපු බිනර මලක්.

      Delete
  9. ammo dekka kal........ara binarawa mathak kala kiyanna....

    ReplyDelete
    Replies
    1. එල කොල්ලව දැක්ක කල් !!!
      කොහොමද මචං ජීවිතේ.. ???

      Delete
    2. ekane machang dekka kal..itin ititn kohomada machang????mama e peththeth awa,comment ekak nam danna une nehe bng

      Delete
  10. සුබ පැතුම් !!!
    දූ පැටියාට තෙරුවන් සරණයි !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මධූ. මෙයා දැකපු කල්. දූ පැටියෙක් නෙමෙයි අනේ..එහෙනම් කියන්නේ බිනර මලී කියලනේ :)

      Delete
    2. දෙයි හාංදුරුවනේ... පුත් රුවණක් !!!

      සිරීපාදේ වන්දවන්න..... හිස ඔලියල් බැඳලා...
      සිරිමා බෝ සාමිනි මම පිරිමි පුතෙක් පැතුවා !!!

      පුතා ලොකු උනහම සිරිපාදේ වඳින්ඩ ලංකාවට එන්ඩ ඈ.. :)

      බිනර මලක් කිව්වහම මං හිතුවේ දූ පැටික්කියක් කියලා. මේයැයි බිනර මලක් කියලා තියෙන්නේ කොළු පැංචටනේ ! :)

      Delete
    3. aniwaar...siripade wandinna podda ekka enawa. mama kiwwane kalinuth 3 denek wela siripade wandinawa kiyala :D

      Delete
  11. සුභම සුභ පැතුම් අක්කටයි බිනරමලටයි...!

    ReplyDelete
    Replies
    1. බොහෝම ස්තුතියි පූමෝ

      Delete
  12. "බිළිඳු පුතනුවන් සඳසරි බිළිඳු පුතනුවන්
    පාට එරන්වන් සදසරි බිළිදු පුතනුවන්...."

    සයුරි ඇතුළු පවුලේ සැමටත් බිනර මල් කැකුළටත් තුණුරුවනේ සරණයි...කියල මමත් ප්‍රාර්ථනය කරනවා...

    ReplyDelete
    Replies
    1. ඔබ තුමාටත් බොහොමත්ම ස්තුතියි

      Delete
  13. ආ..ඒකයි මේ සෙනඟ නැත්තෙ එහෙනං….:)

    ඔන්න මගේ සුබ පැතුම්..පොඩි එකාට/එකීට සහ ඔය දෙන්නටම :)

    ඔබේ කිරි සිනහව දකින්නට,
    සුමුදු මුව සෙනෙහෙන් සිඹින්නට,
    නෙතඟ කඳුලින් බලා උන්නෙමි,
    මහද පිරි සෙනෙහේ පුදන්නට,

    ReplyDelete
    Replies
    1. හෑ ?

      පොඩි එකා කියලා කිව්වොත් හරි. බොහොම ස්තුතියි එහෙනම් රවී අයියටත් :)

      Delete
  14. ප්‍රිය ඇඩ්මින් වෙත,
    ඔබේ බ්ලොග් අඩවියත් විකසිත සින්ඩියට එක්කර ගන්න. (Blog Syndicator)
    Blogger සහ WordPress බ්ලොග් අඩවි සදහා එම අඩවියේ URL එක සහ බ්ලොග් එකෙහි නම ලබාදුන් සැනින් ස්වයංක්‍රියව සින්ඩිය හා ඇමුණුම සිදුවේ.
    බ්ලොග් නොවන නමුත් Feeds සක්‍රිය වෙබ් අඩවි වුවද සින්ඩිය හා ඇමිණිය හැකිය.
    විකසිත සින්ඩිය :- http://www.syndi.wikasitha.com/
    මිට හිතාදර
    ඇඩ්මින් - විකසිත සින්ඩිය. (info@vweb.lk)

    ReplyDelete
  15. පහන්යාය අප්ඩේට් වෙලා තියනව දැක්කහම තමයි මතක් උනේ සයුරි මේ ලියලා තියෙන්නේ සෑහෙන කාලෙකින් කියලා. හේතුව පැහැදිලියි දැන්.... වැඩේ කියන්නේ මටත් බිනරමලී කෙනෙක් ලැබුනනේ.... ඉස්සරහට ඒ ගැන පොඩි සටහනක් මමත් ලියන්න ඉන්නේ....

    අලුත උපන්නා / උපන්නිය ඇතුළු පවුලේ සියලු දෙනාටම සුභ පැතුම්..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් සහන් කිව්වා ඒ බිනර මලී ගැන. ලියන්නකෝ ඒ ගැනත්. ස්තුති වේවා සුබ පැතුමට

      Delete
  16. සුබ පැතුම් සයුරි....ලෝකයේ උතුම්ම පදවියට පත්වුණු ඔබටත් ඔබේ පැටියාටත් නිදුක් නිරෝගී සුව පතමි

    ReplyDelete
    Replies
    1. බොහොම බොහෝම ස්තුතියි හසරැල්

      Delete
  17. magenuh unusum subha pethum... aluth binara mal kekula ethulu sayuru paule siyaluma denata niduk nirogi wasanawantha anagathayak pathanawa....!! (sorry for the singlish comment)

    ReplyDelete
    Replies
    1. bohoma sthuthiyi thotiya ayye..onna mamath singlish reply kara...sinhala penne nadda danne nahane :)

      Delete
  18. නිදි නැති රැය සියක් ගණනක්
    වෙහෙස නොමැතිව පහන් කරනට..
    බිළිදු සිනා කිරි සුවඳ
    සිත් පුරා පැතිරෙන්න
    සුභ පැතුම් අපෙනුත්

    සිඟිති දෙපතුල් සිපගන්න
    ආදරයෙන්
    අපි වෙනුවෙන්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි රූ ආදරණිය පැතුමට...

      Delete
  19. ඔබ සියළු දෙනාටම නිරෝගි සුවය පතමි. ජය!!!!!!!

    ReplyDelete
  20. මුලින්ම සුබ පැතුම්..!

    මටනම් වෙසක් බබෙක් නෙ ඉන්නෙ..( දැනුත් අඬනව මට බ්ලොග් කියවන්න දෙන්නෙත් නෑ..:))) )

    මම ඒත් බැලුව කෝ මේ සයුරි කියල...මගේ ලඟම මිතුරියකුත් හඳ අල්ලපු රටේ ඉන්නව කියල මගේ පෝස්ට් එකක මම කිව්වනෙ. එයාටත්..දුවකුයි පුතෙකුයි දෙන්නෙක්ම (නිවුන්නු) ලැබිල..ඔක්කොම ඉතිං හඳ අල්ලපු රටේ පුරවැසියොනෙ..!

    වෙලාවක තව විස්තර දාමු.

    ReplyDelete
    Replies
    1. අනේ මම හරි ආසයි නිවුන්නුන්ට. :) ඔව් ඔව් එයාලා දැන් පුරවැසියෝ නේ. ස්තුතියි වී අයියේ

      Delete
  21. සුභ පැතුම් ලොකූ.. ඔයා සතුටින් කියලා දන්නවා.. පරිස්සමින් ඉන්න..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ලොකු මලයා

      Delete
  22. සුබම සුබ ආරංචියක්..අහම්බෙන් ගොඩ වුනේ අද මේ පැත්තට.

    පුංචි බිනර මලටයි අම්මටයි තාත්තටයි තුන්දෙනාටම සතුටින් පිරි ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා ..අපිටත් හරිම සතුටුයි ඔන්න ..පොඩි එකෙක් තරම් ලස්සන දෙයක් ලෝකේ වෙන කොයින්ද ..උම්මා එකක් දෙන්න මන් ගානේ

    ReplyDelete
    Replies
    1. //.පොඩි එකෙක් තරම් ලස්සන දෙයක් ලෝකේ වෙන කොයින්ද//

      සම්පුර්ණ ඇත්ත අක්කේ..ඔන්න පොඩ්ඩත් ආපහු උම්මා එකක් දුන්නා... :)

      Delete
  23. ඕං බලන්න සුභ ආරංචි... ඉඳලා ඉඳලා ගෙදරකට ගොඩ වෙනකොට සුභ ආරංචියක් ලැබෙනවා කියන්නෙ එහෙමත් කෙනෙක්ට වෙන දෙයක්නේ...

    නිරෝගි ලස්සන අනාගතයක් පතනවා පොඩ්ඩට... අක්කටත් සතුට පිරි ලස්සන ජීවිතයක් පතනවා...

    දැන් ඉතින් කවියට...

    කවුදැයි හිතන්නේ මේ එහෙම එකක් කියලා... මම පරණ කවියත් බැලුවා ම්හු තේරුන්නෑ... පහලින් ලියලා තියෙන ටිකත් බැලුවා ම්හු වෙන්ඩ බෑ කියලා පහලට ආවා අඩේ වැඩේ ඇත්තනේ...

    ReplyDelete
    Replies
    1. අම්මේ ගැමියා දැකපු කල්. බොහොම ස්තුතියි ඔයාටත්. හිහි...ඇයි ළමයෝ පරණ කවිය ලියලා මාස 10 කින් විතර තමයි අලුත් එක ලියලා තියෙන්නේ... :)

      Delete
    2. ආ.... දිනේ බලන්න බැරි වුනෝ...

      Delete
  24. අක්කේ මගේ උණුසුම් සුභ පැතුම්....... හික් හික් හික් හික් මේ ඒ වුනාට ඉඩ ලැබෙන වෙලාවට ලියන්න අමතක කරන්න එපා ඔයාගේ පොස්ට් එක මගේ බ්ලොග් රෝලේ අප්ඩේට් වෙලා නැහැ එකයි එන්න පරක්කු වුනේ

    ReplyDelete
    Replies
    1. booma sthuthiyi malli...oyatath kiyanna thiyenne ea tikama thama ithin :D

      Delete
  25. බිනර මලට මගෙත් සුභ පැතුම්

    ReplyDelete
  26. සුබ පැතුම් අක්කේ (y) ! ගොඩක් සතුටුයි....

    ReplyDelete
  27. සයුරි අක්කේ මන් ආවා..............

    ReplyDelete
  28. සුභ පැතුම් අක්කටයි බිනර මලටයි දෙන්නටම.. මමත් බිනර මහේ මැද එක්ක ආපු බිනර මලී කෙනෙක්....

    ReplyDelete
  29. සහන් අය්යා තමයි පණ්විඩේ කිව්වේ.හදවතින්ම සුබ පතනවා අක්කෝ!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි නගෝ

      Delete

Related Posts Plugin for WordPress, Blogger...